Thursday, December 31, 2009

පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක


පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක කන්න නියම කෑම, මමනම් සතියකට පාරක් විතර කනව, හැබැයි හොද තැනකින් හොදට රෝස් උන එකක් හොයා ගන්න එක තමයි අමාරු.

Tuesday, December 29, 2009

සූදුව නම් නීතිගතයි


ලංකාවේ බොහෝ දෙනෙක් යෙදෙන, නොදැනීම මුදල් අපතේ යන නීතිගත සූදුව

Friday, December 18, 2009

මිණී මල්


මෙය මිණීමල් ලෙස හැදින්වීමට හරියටම හේතුව මම නොදන්නෙමි, නමුත් සුසානභුමි ආශ්‍රිතව බහුලව දැක ගත හැකි බැවින් මෙසේ හැදුන්වීමට රුකුලක් වී ඇතයි සිතමි, නැතිනම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි. මෙහි වර්ණ දෙවර්ගයක මල් දැකගත හැකි වන අතර මෙම පැහැයට අමතරව සුදුපැහැයද දැකගත හැක. මෙයින් මාරාන්තික පිළිකා රෝගය සදහා ඔෂධයක් නිපදවන බවද එක් මතයකි.

Thursday, December 17, 2009

පන්මලු සමග අවුරුදු තෑගි


මේ පන්මලු ගෙනෙල්ල තියෙන්නෙ අලුත් අවුරුදු තෑගි දාල දෙන්න, බෑග් ගොඩ දැක්කම ආසයි, මෙම බෑග් මිළදී ගැනීම තුලින් දේශීය හස්තකර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු අයට උදව්වක් ලැබෙන අතරම පොලිතීන් භාවිතා නොකිරීම තුලින් පරිසරයටද හානි සිදුවීම අවම කරගනු ලබනව. අප ආයතනය සෑම වසරකම සිදුකරන මෙම කටයුත්ත සදහා මෙතෙක් කල් භාවිතා කරන ලද්දේද මෙවැනි ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිමවන ලද බෑගයන් වීම සතුටට කරුණකි.

Tuesday, December 15, 2009

විසිතුරු මල්


මම මේක ගත්තෙ බදුල්ලෙ අපි ඉන්න ගෙදර වත්තෙ තිබිල, බදුල්ල පළාතටනම් මේක බොහොම සාමාන්‍ය මලක්, අනිත් පළාත් වලත් හමුවෙනවද කියන්න දන්නෙ නෑ, වැල් වශයෙන් බිම දිගේ තමයි වැවෙන්නෙ, වල් පැලෑටියක් විදියටත් සලකන්න පුලුවන් මේක.

Monday, December 14, 2009

බඩගිණි ගොලුබෙල්ලා


මෙයාට හොදටම බඩහිණි වෙලා, මහ දවාලෙ කෑම හොයාගෙන කනව දැකල තමයි අල්ලගත්තෙ, සාමාන්‍යයෙන් ගෙවතු ගොලුබෙල්ලන් සවස්කාලයෙනෙ කෑම සෙයාගෙන සැගවුන ස්ථාව වලින් එලියට එන්නෙ. මෙයා දහවල් කාලයේ ආපුනිසා විශේෂත්වයක් දැක්ක.