Wednesday, February 17, 2010

මම නම් මෙයාව අදුරන්නෙ නෑ



මම නම් මෙයාව අදුරන්නෙ නෑ, බලන්න ඔයාල අදුරනවද කියල, මෙයා හමු උනෙත් බදුල්ලෙ ඉදල තමයි, දවල් කාලයට තෙත් පස තුල සැගවී ජීවත් වන බව නම් නිරීක්ණය කරා. කොහොම උනත් ආත්‍රපෝඩා වංශයට අයත් බවනම් පැහැදිලියි. ජලය වාශ්පවීම අවම කර ගැනීම සදහා ජලයට අපාරගම්‍ය කෙරටින් කවචයකින් සිරුර වැසී පවතිනව. හිස උරස උදරය නම් කොටස් තුන පැහැදිලිව වෙන් කර හදුනාගැනීමටනම් අපහසුයි. පරිසරයේ ඇතිවන කුඩා චලනයකට පවා තම සිරුර ගෝලාකාරව ක්ෂණිකව හකුලාගන්න මොහු සමත්, හදුනාගත්තොත් දන්වන්න.

Tuesday, February 2, 2010

අහිංසක පාට සහ නපුරු පාට අය


නපුරු පාට එක්කෙනෙයි, අහිංසක පාට එක්කෙනයි, දෙන්නම හිටියෙනම් බදුල්ලෙ, නපුරු උනත් අහිංසක උනත් දෙන්නම සමනලයන් වෙනව මම නම් හිතන්නෙ. මේ කොල පාට එක්කෙනානම් මල් ගහෙන් බාගයකම කොල වලට වග කියල මම දකිනකොට, ඒත් අනිකා නම් කොල කාපු පාටක් නැහැ තවම නම්. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල