Friday, December 10, 2010

දෙමෝදර - උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානයේ සිට





දෙමෝදර දුම්රිය පළ හා දෙමෝදර තේ කර්මාන්තශාලාව උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානයේ සිට පෙනෙනෙ ආකාරය තමයි මේ. හිසේ ගැටගහන ජටාවක් ආකාරයට දිවෙනෙ  දුම්රිය මාර්ගය මෙතනට හොදින් හා පැහැදිලිව දිස්වෙනව.  දුම්රියක් ගමන කරන වෙලාවට මෙය හොදින් දැක ගත හැකියි. මේ දවස් වලනම් උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානය පිහිටි ප්‍රදේශය හරිම සීතලයි.

Monday, November 29, 2010

තෝසෙනම් ගෙදර හදපුව

ගෙදර හදපු තෝසෙ, කන්න කලින් ගත්ත  පොටෝ ටිකක්

Tuesday, November 9, 2010

නුවරඑලියෙන්

නුවර එලියෙන් තමයි හමුඋනේ කැලේ පිපුන මලක් තිබුනෙනම් හග්ගල මල් වත්තෙ

Tuesday, July 13, 2010

ගෙදර යන ගමන්

 මේ අය ගෙදර යන ගමන් වෙන්න ඕන මේ, මට හමුඋනේ අපේ ගෙදර වහල පැත්තට යනකොට, මොනව උනත් පැටියව ගාඩ් කරගෙන තමයි යන්නෙ , බලන්නකො

Tuesday, June 8, 2010

මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී


මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී සිටි මේ පොඩි බලු පැටව් ටික මට හමුඋනේ හැටන් ප්‍රදේශය අසලදී, මේ අයගෙ අම්මා කෑම සොයන්න ගිහිල්ල මම හිතන්නෙ, වටපිටාවෙ අය දීපු කෑමත් මේ හරියෙ විසිරිලා තිබුන. එක්කෙනෙක් අරගෙන එන්න හිතුනත් අපි ඉන්න තැන මේ අය හදන්න අවසර නොලැබෙන නිසාත්, මෙ අය වෙන්කරන එක පවු නිසාත් ඒ අදහස අතඇරිය.

Thursday, June 3, 2010

කාර්යාලට ආ X ගෙම්බා


මේ මම සේවය කරන කාර්යාලට ආ ගෙම්බෙක් "ජාල මැඩියෙක්" මෙයා අනිත් ජාලයන්ට වඩා සුදුපැහැයට හුරුයි. පිටේ "එක්ස්" අකුරකට සමාන රටාවක් වැටිල තියෙනව. කොහෙන් ආවද කියලහිතාගන්න බෑ. හදිසියේ වෙනත් වැඩකට යොමුඋන නිසා පසුව සෝදිසි කරත් හොයාගන්න බැරි උනා.

Friday, April 23, 2010

මම නම් හිතන්නෙ ගිරාපලා


මේවත් හොයාගත්තෙ බදුල්ලෙන් තමයි,මම නම් හිතන්නෙ මේ ගිරාපලා කියන ශාකය කියල,සාමාන්‍යයෙන් වෙල් අයිනට වෙන්න බහුලව හමුවෙනව. බලන්නකෝ

හුග දවසකින් පෝස්‍ට් එකක් දම්මෙ, මේ දවස් වල කාර්ය බහුලයි, ඒත් අමතක කරන්න එපා දිගටම ඉන්න

Wednesday, February 17, 2010

මම නම් මෙයාව අදුරන්නෙ නෑ



මම නම් මෙයාව අදුරන්නෙ නෑ, බලන්න ඔයාල අදුරනවද කියල, මෙයා හමු උනෙත් බදුල්ලෙ ඉදල තමයි, දවල් කාලයට තෙත් පස තුල සැගවී ජීවත් වන බව නම් නිරීක්ණය කරා. කොහොම උනත් ආත්‍රපෝඩා වංශයට අයත් බවනම් පැහැදිලියි. ජලය වාශ්පවීම අවම කර ගැනීම සදහා ජලයට අපාරගම්‍ය කෙරටින් කවචයකින් සිරුර වැසී පවතිනව. හිස උරස උදරය නම් කොටස් තුන පැහැදිලිව වෙන් කර හදුනාගැනීමටනම් අපහසුයි. පරිසරයේ ඇතිවන කුඩා චලනයකට පවා තම සිරුර ගෝලාකාරව ක්ෂණිකව හකුලාගන්න මොහු සමත්, හදුනාගත්තොත් දන්වන්න.

Tuesday, February 2, 2010

අහිංසක පාට සහ නපුරු පාට අය


නපුරු පාට එක්කෙනෙයි, අහිංසක පාට එක්කෙනයි, දෙන්නම හිටියෙනම් බදුල්ලෙ, නපුරු උනත් අහිංසක උනත් දෙන්නම සමනලයන් වෙනව මම නම් හිතන්නෙ. මේ කොල පාට එක්කෙනානම් මල් ගහෙන් බාගයකම කොල වලට වග කියල මම දකිනකොට, ඒත් අනිකා නම් කොල කාපු පාටක් නැහැ තවම නම්. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල

Sunday, January 24, 2010

විසිතුරු මල් -5



බදුල්ලෙන් සෙයා ගත්ත මලක්, මේවානම් හැමතැනම වගේ දකින්න පුලුවන්, ග්‍රැමෆෝන් මල් කියලත්.කියනව.මේවට.අපේ ගෙදරට යන පාරෙ අයිනෙ තියෙන ගෙදර තිබිල තමයි කැමරාවට අසුකර ගත්තෙ, හොදද කියල බලන්නකෝ - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Saturday, January 23, 2010

විසිතුරු මල් 4- බිගුවාගේ ඉල්ලීම



මෙම මලේ විවිධ කෝණ වලින් ගත්ත ඡායාරූප කිහිපයක්ම තව තියෙනව , ඔබට අවශ්‍ය නම් එවන්න පුළුවන්

Friday, January 22, 2010

විසිතුරු මල් -4



බදුල්ලෙන් සෙයාගත්ත තවත් මලක සමීප දසුනක් - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Thursday, January 21, 2010

ගදපානත් එක එක වගේ









මේ ටික හොයා ගත්තෙත් ඉතිං බදුල්ලෙන්ම තමයි,මේ ගදපාන මල්,එක එක ජාතියෙ ඒවා (variety) තියෙනව. මේව දැක්කම අපේ පොඩි කාලෙ මතක් වෙනව නේද. ගදපාන ගෙඩි කන්නත් පුලුවන්, මේවට සමහර ප්‍රදේශ වල ටොංකිඤ්ඤා කියලත් කියනවා. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Wednesday, January 20, 2010

විසිතුරු මල් -4




මෙය දාස් වර්ගයක් වන අතර මෙයද හමු උනේ බදුල්ල ආශ්‍රිතවයි. මෙම දාස් මලේ පෙති සාමාන්‍ය දාස් වර්ග වල මල් පෙති වලට වඩා වෙනස් හැඩයක් ගන්නව, නමුත් මෙහි පත්‍ර නම් සාමාන්‍ය දාස් පත්‍ර වලට සමානයි. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Tuesday, January 19, 2010

විසිතුරු මල් -3


මේ මල මම දැක්ක ගමන් හිතුවෙ ට්‍රයිඩ්‍රැක්ස් මලක් කියල,ඒත් ඒව බදුල්ලෙන් හමුවෙන්න තියෙන සම්භාවිතාව අඩුනිසා ටිකක් ලංවෙලා බලනකොට මේක ට්‍රයිඩ්‍රැක්ස් මලක් නෙමෙයි.ට්‍රයිඩ්‍රැක්ස් මල් උසස්පෙල ජීවවිද්‍යා කරපු අයට නම් හොදට මතක ඇති.ලස්සන මලක් නිසා මගේ එකතුවට හොදයි කියල හිතුන,හැබැයි නමක් ගමක් නම් දන්නෙ නෑ, ඔයාලත් බලන්න, දන්න කෙනෙක් කියන්න - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Monday, January 18, 2010

රෝස මලක කතාව

මම මේ රෝස මල් හොයා ගත්තෙ බදුල්ලෙ අපේ ගෙදරට අල්ලපු ගෙදර තිබිල. එක පදුරක මුලු ජීවිත කතාවම තිබුන නිසා එකතුවක් ලෙස සියලුම පින්තූර ඔබ සමග බෙදා ගැනීමට සිතුන.ඡායාරූප 13 ම බලන්න.


1. රෝස මලක පොහොට්ටු අවස්ථාව

2.

3.ළමා කාලය අතරතුර

4.

5.

6.ජීවිතයේ සුන්දරම අවධිය

7.

8.වැඩිහිටි අවධිය

9.

10. රෝස මල පරවී යාමට ආසන්න වන විට වෙනත් පැහැයක් ගනී

11.

12.

13. රෝස බීජයක්

ඔබ අපගේ ජීවිතයත් මෙලෙසම නොවේද ?

Monday, January 11, 2010

විසිතුරු මල්


මේකත් මම දැක්කෙ බදුල්ලෙදි විතරයි. වැලක් විදියට තමයි හැදැන්නෙ. බොහෝ විට වැටවල් දිගේ හැදිල තියෙනව දකින්න පුලුවන්, වල් පැලෑටියක් විදියට සලකා ඉවත් කර දමනව. නමුත් මම මෙහි ඉතා ලස්සන සුදු පැහැයක් දකිනව, මට නම් ලස්සන මලක්. ඔයාලත් බලන්න

Wednesday, January 6, 2010

මේ වගෙ එකක් නම් වෙන කාටවත් නැහැ



මේ වගෙ එකක්නම් ආයෙ වෙනකාටවත් තියෙන්න බැහැ, තිබුනොත් උගෙ/ඇගේ වැඩ වලටත් මට තමයි වග කියන්න වෙන්නෙ, මොකද හිතෙන්නෙ මම කියපු එක ගැන. ඒත් අපේ කාර්යාලයෙ අලුතෙන් සවි කරපු ඇගිලි සලකුණු හදුනාගැණිමේ යන්ත්‍රයෙන් සමහර වෙලාවට අප ආයතනයේ එක් සේවකයකු පමණක් වෙනත් අයකු ලෙස හදුනා ගන්නව. මෙය සිදුවන්නේ සමහර වෙලාවන්හිදී පමණක් මහපට ඇගිල්ල මේ සදහා යොදා ගන්නා විටයි. ඒක නිසා ඔහුගේ මහපට ඇගිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් මේ සදහා යොදා ගත්තා

තල මල පිපිල නම් බලන්න ඕන



මේ තල මල මම කැමරාවට අසු කර ගත්තෙ බදුල්ලෙ රෝහල ඉදිරිපිට තිබිල. ආලෝකය අඩු වැසිබර දිනයක් බැවින් පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට අපහසු උවත්, දුර්ලබ දසුනක් බැවින් ඔබ සැම සමග බෙදා ගැනීමට සිතුන. මෙය ඉතාවිශාල තල් ගසක් බැවින්ද සමීප / හොද ඡායාරූපයක් ගැනීමට අපහසු උනා. කොහොම උනත් ගත්ත එක හොදයිද බලන්නකෝ