Thursday, December 31, 2009

පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක


පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක කන්න නියම කෑම, මමනම් සතියකට පාරක් විතර කනව, හැබැයි හොද තැනකින් හොදට රෝස් උන එකක් හොයා ගන්න එක තමයි අමාරු.

Tuesday, December 29, 2009

සූදුව නම් නීතිගතයි


ලංකාවේ බොහෝ දෙනෙක් යෙදෙන, නොදැනීම මුදල් අපතේ යන නීතිගත සූදුව

Friday, December 18, 2009

මිණී මල්


මෙය මිණීමල් ලෙස හැදින්වීමට හරියටම හේතුව මම නොදන්නෙමි, නමුත් සුසානභුමි ආශ්‍රිතව බහුලව දැක ගත හැකි බැවින් මෙසේ හැදුන්වීමට රුකුලක් වී ඇතයි සිතමි, නැතිනම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි. මෙහි වර්ණ දෙවර්ගයක මල් දැකගත හැකි වන අතර මෙම පැහැයට අමතරව සුදුපැහැයද දැකගත හැක. මෙයින් මාරාන්තික පිළිකා රෝගය සදහා ඔෂධයක් නිපදවන බවද එක් මතයකි.

Thursday, December 17, 2009

පන්මලු සමග අවුරුදු තෑගි


මේ පන්මලු ගෙනෙල්ල තියෙන්නෙ අලුත් අවුරුදු තෑගි දාල දෙන්න, බෑග් ගොඩ දැක්කම ආසයි, මෙම බෑග් මිළදී ගැනීම තුලින් දේශීය හස්තකර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු අයට උදව්වක් ලැබෙන අතරම පොලිතීන් භාවිතා නොකිරීම තුලින් පරිසරයටද හානි සිදුවීම අවම කරගනු ලබනව. අප ආයතනය සෑම වසරකම සිදුකරන මෙම කටයුත්ත සදහා මෙතෙක් කල් භාවිතා කරන ලද්දේද මෙවැනි ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිමවන ලද බෑගයන් වීම සතුටට කරුණකි.

Tuesday, December 15, 2009

විසිතුරු මල්


මම මේක ගත්තෙ බදුල්ලෙ අපි ඉන්න ගෙදර වත්තෙ තිබිල, බදුල්ල පළාතටනම් මේක බොහොම සාමාන්‍ය මලක්, අනිත් පළාත් වලත් හමුවෙනවද කියන්න දන්නෙ නෑ, වැල් වශයෙන් බිම දිගේ තමයි වැවෙන්නෙ, වල් පැලෑටියක් විදියටත් සලකන්න පුලුවන් මේක.

Monday, December 14, 2009

බඩගිණි ගොලුබෙල්ලා


මෙයාට හොදටම බඩහිණි වෙලා, මහ දවාලෙ කෑම හොයාගෙන කනව දැකල තමයි අල්ලගත්තෙ, සාමාන්‍යයෙන් ගෙවතු ගොලුබෙල්ලන් සවස්කාලයෙනෙ කෑම සෙයාගෙන සැගවුන ස්ථාව වලින් එලියට එන්නෙ. මෙයා දහවල් කාලයේ ආපුනිසා විශේෂත්වයක් දැක්ක.

Monday, November 23, 2009

තැඹිලි


ගෙදර ගහේ ඉස්සෙල්ලම් ආපු තැබිලි ගෙඩි. තාම බොන්න බැරි උනා.

Monday, November 16, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.

මෙයට,සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#

උපුටා ගැනීම කාලිංග මහතාගේ වෙබ් අඩවියෙනි

Thursday, October 1, 2009

සෙල්ලම් හරකා


මේ ඉන්නෙ මම දුවට සෙල්ලම් කරන්න හදල දුන්න පොල්පිති හරකා. අපි පොඩිකාලෙ මේ හරකුන්ට කොයිතරම් ආදරේද, කෑම කවන්න හැම තැනම ගැට ගහනව, අව්වට වෙන තැනකට අරගෙන යනව මට ඒව මතක් උනා දුව මේ හරකත් එක්ක සෙල්ලම් කරනකොට

Wednesday, September 23, 2009

සුදුහඳුන් හා රත් හඳුන් මාලය


මෙය අප ආයතනයේ සංවත්සර උත්සවය සදහා සුදුහඳුන් හා රත් හඳුන් දැව උපයෝගී කරගෙන නිමැවූ මාලයකි

Saturday, September 19, 2009

කොහොමද මේ අය ඉන්න තැන


මම මේ කොක්කු වර්ගය දැක්කෙ කොලඹ යනකොට, කොලඹ දුම්රිය ස්ථානය පිටුපස පාරෙ, ගිමන් හරින්නට කදිම ස්ථානයක් නේද, යුවලකට.

Monday, September 14, 2009

දුවයි, මමයි


මේ අපේ දුවගෙයි, මගෙයි අත්, අපිත් මේ වගේ පොඩියට ඉදල තමයි ගොඩක් ලොකු වෙන්න ඇත්තෙ නේද

Monday, August 17, 2009

ම‍ල්‍ ව‍ට්‍ටි‍ය‍ක්‍


මේ‍ අ‍පි‍ සු‍පු‍රු‍දු‍ රා‍ජ‍කා‍රි‍ ආ‍ර‍ම්‍භ‍ කි‍රී‍ම‍ට‍ පෙ‍ර‍ බු‍දු‍ පු‍ද‍ට‍ ග‍න්‍නා‍ ම‍ල්‍ ව‍ට්‍ටි‍ය‍, අ‍ද‍ දි‍න‍ නි‍මැ‍වී‍ ති‍බු‍න‍ අ‍යු‍රු‍

Tuesday, August 11, 2009

අ‍ගෝ‍ස්‍තු‍


මේ‍ක‍ ම‍ම‍ මේ‍සෙ‍ අ‍ස්‍ක‍ර‍ද්‍දි‍ හ‍මු‍උ‍නේ‍, වෙ‍න‍ස්‍ ල‍ස්‍ස‍න‍ක්‍ ති‍බු‍න‍ නි‍සා‍ හැ‍මෝ‍ට‍ම‍ බ‍ල‍න්‍න‍ දා‍න්‍න‍ හි‍තු‍න‍

Tuesday, August 4, 2009

කාමරංකා



මේව හැදුනෙ ගෙදර, හැබැයි සාමාන්‍ය ඒවට වඩා ටිකක් ලොකුයි. පැණිරසත් වැඩියි, ඒක නිසා කන්න හිතෙන්නෙ නෑ. ගහයට වැටිල නරක්වෙනව ගොඩක්

Wednesday, July 29, 2009

ඇපල් හරියයිද



මේ අපේ ඔෆිස් එකට ගෙනාපු ඇපල් වල තිබුන ඇට ටිකක්, නිකමට පැළකරල බැලුව

Saturday, July 25, 2009

මහරගමනම් දවල්ටත් මාර්ග විදුලිපහන්


මේ තුන්වෙනි දවස විතර මෙහෙම එකදිගට පත්තුවෙන,

Thursday, July 16, 2009

කඩුපුල් මල්




කඩුපුල් මල් පිපෙන්නෙ රෑට විතරයිනෙ, ඒක නිසා ටිකක් විතර පැහැදිලි මදි ඇති. අනිත් එක ගත්තෙ හෑන්ඩ්ෆෝන් එකෙන්

Tuesday, July 7, 2009

පියන්


බෙරගල - හපුතලේ අතරමැද






සතිඅන්තයේ මම බදුලු ගියා බසයෙන් හවසක, ඒ වෙලාවෙ ගත්ත පින්තූර ටිකක් තමයි මේ

Tuesday, June 30, 2009

සපු වර්ගයක්


මෙම ගෙඩි වර්ගය ඉදුන විට කාක්කන්ටනම් හොද ආහාරයක්, ඇතුලෙ රෝසපාට හොද සුවදක් තියෙන කුඩා බීජ 8 ක් 10 ක් විතර තියෙනව

Tuesday, June 9, 2009

වෙබ් කැමරාවක්




වෙබ් කැමරාවක් මට හම්බ උනා හැබැයි පරණ මොඩ්ල් එකක් ඒත් හොදට වැඩ

Monday, June 8, 2009

කුරුමිණියෙක්


මෙයා පෑගෙන්න ගියා, බොහොම අමාරුවෙන් තමයි බේර ගත්තෙ, හැබැයි ඊට පස්සෙ හොදට පියාඹලා ගියා

Tuesday, June 2, 2009

Friday, May 29, 2009

කොහොමද මෙයා


මෙයා දැකල හදිසියට ගත්ත පින්තූරයක් මේ, පස්සෙ හොදට විස්තර ඇතුව ගන්න බලනකොට මෙයා අතුරුදහන් වෙලා. එක්කො සතෙක් කාල නැත්නම් ගහ අස්සෙ හැන්ගිලා

හුග දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා, කරදර ගොඩකට මැදිවෙලා මේ දවස් වල ඉන්නෙ, නැවතත් හැකි ඉක්මනින් එනව ,එතෙක් රැදෙන්න

Wednesday, March 18, 2009

Tuesday, March 17, 2009

Friday, March 13, 2009

Wednesday, March 11, 2009

මහෝගනී ගසක බීජ


මේවා කොකෝවා ගෙඩියක හැඩය ගත් ඵලයක් තුල හටගන්නා අතර වියලීමෙන් පසු ඵලව විවෘත වී සුලගින් ව්‍යාප්ත වේ.

Friday, February 20, 2009

මනෝසීල - පොළවෙන් ලබා ගන්නා ඖෂධ.


මෙයද ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. විද්‍යාත්මකව Arsenic bisulpahte ලෙස හදුන්වනු ලැබේ.

Thursday, February 19, 2009

සාදිලිංගම් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ




සාදිලිංගම්- පොළවෙන් ලබා ගන්නා ඖෂධ. මෙය ඛනිජයක් වන අතර විශ සහිතය. රසදිය සංයෝගයක් වන බැවින් අධික බරකින් යුක්තය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. මෙය ඉංග්‍රිසියෙන් Cinnabar ලෙස හදුන්වනු ලබන අතර විද්‍යාත්මකව mercury(II) sulfide ලෙස හදුන්වනු ලැබේ.

Wednesday, February 18, 2009

රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ



රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ. මෙය ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. මෙය ඉංග්‍රිසියෙන් Yellow Optiment ලෙස හදුන්වනු ලබන අතර විද්‍යාත්මකවTri Sulphate of Arsenic ලෙස හදුන්වනු ලැබේ.

Tuesday, February 17, 2009

ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි



ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි, සාමාන්‍ය බාවිතයේ ඇති මිදි වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මේවා හොදින් වේලීමෙන් පසුව ගබඩාගත කරන අතර නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය වූ විට ජලය සමග එකතු කර ගනු ලැබේ. බොහෝ විට ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා යොදාගනී

Monday, February 16, 2009

කපු පුළුන් හැදෙන හැටි (ගස්වල ) දැකල තියෙනවද


ගැහැණු මල


පිරිමි මල


ඵලය


පුළුන්

Friday, February 13, 2009

දැකල තියෙනවද, තිරස්සවාලු මල්



මෙය තිරස්සවාලු නම් ඖෂධීය ශාකයේ (කාෂ්ඨීය වැල් වර්ගයකි ) හටගන්නා මල්ය. ආයුර්වෙද ඖෂධ නිෂ්පාදනය සදහා මෙම වැල් වර්ගය යොදාගනී.