Tuesday, June 8, 2010

මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී


මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී සිටි මේ පොඩි බලු පැටව් ටික මට හමුඋනේ හැටන් ප්‍රදේශය අසලදී, මේ අයගෙ අම්මා කෑම සොයන්න ගිහිල්ල මම හිතන්නෙ, වටපිටාවෙ අය දීපු කෑමත් මේ හරියෙ විසිරිලා තිබුන. එක්කෙනෙක් අරගෙන එන්න හිතුනත් අපි ඉන්න තැන මේ අය හදන්න අවසර නොලැබෙන නිසාත්, මෙ අය වෙන්කරන එක පවු නිසාත් ඒ අදහස අතඇරිය.

Thursday, June 3, 2010

කාර්යාලට ආ X ගෙම්බා


මේ මම සේවය කරන කාර්යාලට ආ ගෙම්බෙක් "ජාල මැඩියෙක්" මෙයා අනිත් ජාලයන්ට වඩා සුදුපැහැයට හුරුයි. පිටේ "එක්ස්" අකුරකට සමාන රටාවක් වැටිල තියෙනව. කොහෙන් ආවද කියලහිතාගන්න බෑ. හදිසියේ වෙනත් වැඩකට යොමුඋන නිසා පසුව සෝදිසි කරත් හොයාගන්න බැරි උනා.