Sunday, January 24, 2010

විසිතුරු මල් -5



බදුල්ලෙන් සෙයා ගත්ත මලක්, මේවානම් හැමතැනම වගේ දකින්න පුලුවන්, ග්‍රැමෆෝන් මල් කියලත්.කියනව.මේවට.අපේ ගෙදරට යන පාරෙ අයිනෙ තියෙන ගෙදර තිබිල තමයි කැමරාවට අසුකර ගත්තෙ, හොදද කියල බලන්නකෝ - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Saturday, January 23, 2010

විසිතුරු මල් 4- බිගුවාගේ ඉල්ලීම



මෙම මලේ විවිධ කෝණ වලින් ගත්ත ඡායාරූප කිහිපයක්ම තව තියෙනව , ඔබට අවශ්‍ය නම් එවන්න පුළුවන්

Friday, January 22, 2010

විසිතුරු මල් -4



බදුල්ලෙන් සෙයාගත්ත තවත් මලක සමීප දසුනක් - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Thursday, January 21, 2010

ගදපානත් එක එක වගේ









මේ ටික හොයා ගත්තෙත් ඉතිං බදුල්ලෙන්ම තමයි,මේ ගදපාන මල්,එක එක ජාතියෙ ඒවා (variety) තියෙනව. මේව දැක්කම අපේ පොඩි කාලෙ මතක් වෙනව නේද. ගදපාන ගෙඩි කන්නත් පුලුවන්, මේවට සමහර ප්‍රදේශ වල ටොංකිඤ්ඤා කියලත් කියනවා. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Wednesday, January 20, 2010

විසිතුරු මල් -4




මෙය දාස් වර්ගයක් වන අතර මෙයද හමු උනේ බදුල්ල ආශ්‍රිතවයි. මෙම දාස් මලේ පෙති සාමාන්‍ය දාස් වර්ග වල මල් පෙති වලට වඩා වෙනස් හැඩයක් ගන්නව, නමුත් මෙහි පත්‍ර නම් සාමාන්‍ය දාස් පත්‍ර වලට සමානයි. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Tuesday, January 19, 2010

විසිතුරු මල් -3


මේ මල මම දැක්ක ගමන් හිතුවෙ ට්‍රයිඩ්‍රැක්ස් මලක් කියල,ඒත් ඒව බදුල්ලෙන් හමුවෙන්න තියෙන සම්භාවිතාව අඩුනිසා ටිකක් ලංවෙලා බලනකොට මේක ට්‍රයිඩ්‍රැක්ස් මලක් නෙමෙයි.ට්‍රයිඩ්‍රැක්ස් මල් උසස්පෙල ජීවවිද්‍යා කරපු අයට නම් හොදට මතක ඇති.ලස්සන මලක් නිසා මගේ එකතුවට හොදයි කියල හිතුන,හැබැයි නමක් ගමක් නම් දන්නෙ නෑ, ඔයාලත් බලන්න, දන්න කෙනෙක් කියන්න - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Monday, January 18, 2010

රෝස මලක කතාව

මම මේ රෝස මල් හොයා ගත්තෙ බදුල්ලෙ අපේ ගෙදරට අල්ලපු ගෙදර තිබිල. එක පදුරක මුලු ජීවිත කතාවම තිබුන නිසා එකතුවක් ලෙස සියලුම පින්තූර ඔබ සමග බෙදා ගැනීමට සිතුන.ඡායාරූප 13 ම බලන්න.


1. රෝස මලක පොහොට්ටු අවස්ථාව

2.

3.ළමා කාලය අතරතුර

4.

5.

6.ජීවිතයේ සුන්දරම අවධිය

7.

8.වැඩිහිටි අවධිය

9.

10. රෝස මල පරවී යාමට ආසන්න වන විට වෙනත් පැහැයක් ගනී

11.

12.

13. රෝස බීජයක්

ඔබ අපගේ ජීවිතයත් මෙලෙසම නොවේද ?

Monday, January 11, 2010

විසිතුරු මල්


මේකත් මම දැක්කෙ බදුල්ලෙදි විතරයි. වැලක් විදියට තමයි හැදැන්නෙ. බොහෝ විට වැටවල් දිගේ හැදිල තියෙනව දකින්න පුලුවන්, වල් පැලෑටියක් විදියට සලකා ඉවත් කර දමනව. නමුත් මම මෙහි ඉතා ලස්සන සුදු පැහැයක් දකිනව, මට නම් ලස්සන මලක්. ඔයාලත් බලන්න

Wednesday, January 6, 2010

මේ වගෙ එකක් නම් වෙන කාටවත් නැහැ



මේ වගෙ එකක්නම් ආයෙ වෙනකාටවත් තියෙන්න බැහැ, තිබුනොත් උගෙ/ඇගේ වැඩ වලටත් මට තමයි වග කියන්න වෙන්නෙ, මොකද හිතෙන්නෙ මම කියපු එක ගැන. ඒත් අපේ කාර්යාලයෙ අලුතෙන් සවි කරපු ඇගිලි සලකුණු හදුනාගැණිමේ යන්ත්‍රයෙන් සමහර වෙලාවට අප ආයතනයේ එක් සේවකයකු පමණක් වෙනත් අයකු ලෙස හදුනා ගන්නව. මෙය සිදුවන්නේ සමහර වෙලාවන්හිදී පමණක් මහපට ඇගිල්ල මේ සදහා යොදා ගන්නා විටයි. ඒක නිසා ඔහුගේ මහපට ඇගිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් මේ සදහා යොදා ගත්තා

තල මල පිපිල නම් බලන්න ඕන



මේ තල මල මම කැමරාවට අසු කර ගත්තෙ බදුල්ලෙ රෝහල ඉදිරිපිට තිබිල. ආලෝකය අඩු වැසිබර දිනයක් බැවින් පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට අපහසු උවත්, දුර්ලබ දසුනක් බැවින් ඔබ සැම සමග බෙදා ගැනීමට සිතුන. මෙය ඉතාවිශාල තල් ගසක් බැවින්ද සමීප / හොද ඡායාරූපයක් ගැනීමට අපහසු උනා. කොහොම උනත් ගත්ත එක හොදයිද බලන්නකෝ