ලංකාවේ බොහෝ දෙනෙක් යෙදෙන, නොදැනීම මුදල් අපතේ යන නීතිගත සූදුව
Showing posts with label ෙවනත්. Show all posts
Showing posts with label ෙවනත්. Show all posts
Tuesday, December 29, 2009
Thursday, December 17, 2009
පන්මලු සමග අවුරුදු තෑගි
මේ පන්මලු ගෙනෙල්ල තියෙන්නෙ අලුත් අවුරුදු තෑගි දාල දෙන්න, බෑග් ගොඩ දැක්කම ආසයි, මෙම බෑග් මිළදී ගැනීම තුලින් දේශීය හස්තකර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු අයට උදව්වක් ලැබෙන අතරම පොලිතීන් භාවිතා නොකිරීම තුලින් පරිසරයටද හානි සිදුවීම අවම කරගනු ලබනව. අප ආයතනය සෑම වසරකම සිදුකරන මෙම කටයුත්ත සදහා මෙතෙක් කල් භාවිතා කරන ලද්දේද මෙවැනි ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිමවන ලද බෑගයන් වීම සතුටට කරුණකි.
Labels:
ෙවනත්
Thursday, October 1, 2009
සෙල්ලම් හරකා
මේ ඉන්නෙ මම දුවට සෙල්ලම් කරන්න හදල දුන්න පොල්පිති හරකා. අපි පොඩිකාලෙ මේ හරකුන්ට කොයිතරම් ආදරේද, කෑම කවන්න හැම තැනම ගැට ගහනව, අව්වට වෙන තැනකට අරගෙන යනව මට ඒව මතක් උනා දුව මේ හරකත් එක්ක සෙල්ලම් කරනකොට
Labels:
ෙවනත්
Wednesday, September 23, 2009
Monday, June 15, 2009
Monday, September 22, 2008
Thursday, June 26, 2008
කුංකුමප්පු -
මෙය ආයුර්වේද ඔෂධ නිෂ්පාදනය සදහා භාවිතා කරන අමුද්‍රව්‍යකි. ලංකාවේ වගා නොකරන අතර ආනයනය කරනු ලැබේ. මෙය කුළු බඩු ගණයට වැටෙන මිළ අධික අමුද්‍රව්‍යක් ලෙස නම් දරයි. ආහාර පිසීමේදී ඉන්දියානුවන් මෙය බහුලව භාවිතා කරන අතර කිරි සමග පානය කිරීමෙන් පැහැපත් සමක් ලබාගත හැකිබව ඔවුන්ගේ විශ්වාසයයි. තරු පන්තියේ ආපන ශාලා වල ආහාර පිසීම සදහා භාවිතා කරන අතර සමහරු ආදේශකයක් ලෙස කහ භාවිතා කරයි.නමුත් කහ භාවිතයෙන් ලැබෙන්නේ පැහැය පමණි. මෙය ඉතාමත් අලංකාර දම් පැහැති මලක රේණු වන අතර එක මලක මෙම රේණු 3 ක් පමණ හට ගනී. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව Iridaceae කුලයට අයත්ය. Crocus sativus (L) ලෙස හැදින් වෙන අතර ඉංග්‍රිසියෙන් Saffron ලෙස හැදින්වේ. විවිධ වර්ග වල (Grade) කුංකුමප්පු ඇති අතර ආයුර්වෙද නිෂ්පාදන සදහා යොදා ගන්නා හොදම වර්ගයේ කුංකුමප්පු කිලෝවක් (1kg) රුපියල් ලක්ෂ තුනක් (3000,000/=) පමණ මිළවේ.
Labels:
ෙවනත්
Subscribe to:
Posts (Atom)









