Thursday, June 26, 2008

කුංකුමප්පු -



මෙය ආයුර්වේද ඔෂධ නිෂ්පාදනය සදහා භාවිතා කරන අමුද්‍රව්‍යකි. ලංකාවේ වගා නොකරන අතර ආනයනය කරනු ලැබේ. මෙය කුළු බඩු ගණයට වැටෙන මිළ අධික අමුද්‍රව්‍යක් ලෙස නම් දරයි. ආහාර පිසීමේදී ඉන්දියානුවන් මෙය බහුලව භාවිතා කරන අතර කිරි සමග පානය කිරීමෙන් පැහැපත් සමක් ලබාගත හැකිබව ඔවුන්ගේ විශ්වාසයයි. තරු පන්තියේ ආපන ශාලා වල ආහාර පිසීම සදහා භාවිතා කරන අතර සමහරු ආදේශකයක් ලෙස කහ භාවිතා කරයි.නමුත් කහ භාවිතයෙන් ලැබෙන්නේ පැහැය පමණි. මෙය ඉතාමත් අලංකාර දම් පැහැති මලක රේණු වන අතර එක මලක මෙම රේණු 3 ක් පමණ හට ගනී. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව Iridaceae කුලයට අයත්ය. Crocus sativus (L) ලෙස හැදින් වෙන අතර ඉංග්‍රිසියෙන් Saffron ලෙස හැදින්වේ. විවිධ වර්ග වල (Grade) කුංකුමප්පු ඇති අතර ආයුර්වෙද නිෂ්පාදන සදහා යොදා ගන්නා හොදම වර්ගයේ කුංකුමප්පු කිලෝවක් (1kg) රුපියල් ලක්ෂ තුනක් (3000,000/=) පමණ මිළවේ.

1 comment:

  1. කුංකුමප්පු කියලා දකුණු ඉංදියානු බසින් හා කුංකුම් කියා උතුරු ඉන්දියානු බසින් හඳුන්වන්නේ මා සිතන පරිදි 'කුංකුම' වලටය. 'කුංකුම අංජන' කියල කවි බසෙහි තියෙන්නෙ. කුංකුම කුංකුමප්පු ය. අංජන අඳුන් ය.

    ඉන්දියානු ළදුන් මොට්ටු තියන්න කුංකුම ද ඇස් වල අඳුන් ද තවරති. විශේෂයෙන්ම විවාහක කාන්තාවන් කුංකුම පැළඳිම අනිවාර්ය්‍ය වේග

    ReplyDelete