Wednesday, January 6, 2010

මේ වගෙ එකක් නම් වෙන කාටවත් නැහැ



මේ වගෙ එකක්නම් ආයෙ වෙනකාටවත් තියෙන්න බැහැ, තිබුනොත් උගෙ/ඇගේ වැඩ වලටත් මට තමයි වග කියන්න වෙන්නෙ, මොකද හිතෙන්නෙ මම කියපු එක ගැන. ඒත් අපේ කාර්යාලයෙ අලුතෙන් සවි කරපු ඇගිලි සලකුණු හදුනාගැණිමේ යන්ත්‍රයෙන් සමහර වෙලාවට අප ආයතනයේ එක් සේවකයකු පමණක් වෙනත් අයකු ලෙස හදුනා ගන්නව. මෙය සිදුවන්නේ සමහර වෙලාවන්හිදී පමණක් මහපට ඇගිල්ල මේ සදහා යොදා ගන්නා විටයි. ඒක නිසා ඔහුගේ මහපට ඇගිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් මේ සදහා යොදා ගත්තා

5 comments:

  1. ඒ කියන්නේ ඒ දෙන්නගෙම මහපට ඇගිලි වල සළකුණු එක වගෙයි කියන එක ද?

    ReplyDelete
  2. මම හිතන්නෙ මේ මැෂින් එකට ඒ ඇගිලි දෙක හරියට අදුරගන්න බෑ.

    ReplyDelete
  3. නෑ නෑ...
    ඒක නෙමෙයි සීන් එක.
    ඕකේ ලියලා තියෙන වැඩසටහනේ තියෙනවා එක අගයක්, එක අපිට පුළුවන් වෙනස් කරන්න.
    ඒකෙන් කෙරන්නේ ඇතුල් වූ දත්තය කොපමණ ප්‍රමාණයක් ගැලපේද කියලා බලන එක.
    සාමාන්‍යයෙන් ඕක සෙට් කරන්නේ 60% සිට 80% වගේ අගයකට. ඉතින් ඒක සෙට් කලොත් 100% හරියටම ගැලපෙන්න ඔනෑ.
    නමුත් එහෙම කලොත් අපිට දවසම එතන ඉන්නවෙයි ඇගිල්ල තිය තියා....

    ඒක හින්දා අරවගේ අඩු අගයකට ඕක සෙට් කරනවා. ඉතින් ඒ හින්දා සමහර විට දෙදෙනෙකුගේ ඇඟිලි වල යම් යම් ප්‍රදේශ සමාන වීමට හැකි නිසා ඔයවගේ පුරස්න එන්න පුලුවන්.

    /බිඟුවා...!

    ReplyDelete
  4. මම අහල තියෙනව මිනිස්සුන්ගේ ඇසේ කාචය විතරයි 100%කම එකිනෙකාට වෙනස් කියලා. ඒක නිසා දැං ගොඩාක් Air Port වලත් තියෙන්නේ ඇස් පරීක්ෂා කිරීමේ උපකරන.

    ReplyDelete